Photo Gallery 2018

කොළඹ 7, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ගරු සභාපති විදුර රණසිංහ මැතිතුමන් සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විපස්සනා භාවනා මධ්‍යස්ථානය සඝසතු කොට පූජා කිරීම.


කඨින මහා පිංකම -2018


දහම් පිපාසයෙන් පෙළෙන්නාවූ, තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් සිත් පිරී ඇත්තාවූද මිනිසුන්ගෙන් මේ පින්බිම තවමත් පිරී තිබෙන බව මැනැවින් පෙන්නුම් කරනා අවස්ථාවක්. මෙහි ඉතාම ආශ්චර්‍යමත් දෙය නම් ගොරවමින් මහ වැසි වසිද්දී පවා පැමිණ සිටි පින්වතුන් සිටි තැන්වලින් නොසෙල්වී ඊයේ රාත්‍රි 09.00 සිට අද දින උදෑසන 05.30 වෙන තෙක් පුරා පැය අටහමාරක් නොනවත්වා එක දිගට, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විද්‍යාවේදී අති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු “නිවන් මග විමසුම” පර්යේෂණාත්මක ධර්ම දේශනයට ඉතාම සාවධානයෙන් සවන්දී සිටීමයි. සදැහැවත් පිංවතුන් (11000 ) එකොළොස් දසකටත් වඩා වැඩි පිරිසක් මේ ධර්මදේශනා පිංකමට සහභාගී වී ඇතැයි පැවසේ. මේ වීඩියෝව මුල සිට අග තෙක් නරඹා අන් සැමගේද දැනගැනීම සහ හිත සුව පිණිස බෙදාහරින්න. සැවොම මේ පින් අනුමෝදන් වෙත්වා.


Some Photos of the Meditation Program held in Agalawaththa Aranyaya (on 12th of February ) which was conducted by The Most Ven. Ududumbara Kashyapa Thero ,the head of International Vipassana Meditation Center – Colombo 07.
අති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් අගලවත්ත ආරණ්‍ය සේනාසනයේදී ( පෙබරවාරි 12 වන දින ) පවත්වන ලද භාවනා වැඩසටහනේ ඡායාරූප කිහිපයක්.


The Children’s Spiritual Development Program ” Prathyaweksha” is presently being held at the “International Vipassana Meditation Centre – Colombo 07 ” very successfully under the patronage of Ven. Udadumbara Kashyapa Thero the Chief Incumbent of the IVMC. A large number of children have been attended for this very first program. We are pleased to inform you that your children will be able to attend for this unique program set up for the children themselves in the future. MayTriple Gem Bless you All !!! .
“ප්‍රත්‍යවේක්ශා” අධ්‍යාත්මික සංවර්ධන ළමා වැඩසටහන මේ වනවිට කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භවනා මධ්‍යස්ථානයේ භාවනා මධ්‍යස්ථානධිපති විද්‍යාවේදී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ උපකාරයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්වමින් තිබේ. මේ ප්‍රථම වැඩසටහනට දරුවන් විශාල සංඛ්‍යාවක් ඉතා උනන්දුවෙන් යුතුව සහභාගී වී සිටී. දරුවන් සඳහාම සැකසුන මේ සුවිශේෂී වැඩසටහනේ ඉදිරි වැඩසටහන් සඳහා ඔබගේ දරුවන්ද සහභාගී කරවීමට හැකි බව සතුටු සිතින් දැනුම් දෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි !!!


 

“Meditation Training program” for 50 Monks ( from Kurunegala District ) is being held (from 22nd Jan to 26th January 2018 ) at international Vipassana Meditation Centre -Colombo 07 under the the guidance of The Most Ven.Ududumbara Kashyapa Thero, The Chief Incumbent and The Chief Kammattanacharya of International Vipassana Meditation Centre together with Venerable Ududumbara Sobhitha Thero as an initial step of preparation in celebrating 2018 Vesak Festival throughout Sri Lanka. This is a dream come true of our Noble Late Chief Incumbent ,the most respected and widely known Thero, Ven. Dr Harispattuwe Ariyawanshalankara Nayaka Thero. May The Triple Gem Bless You All !!
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩමවා වදාල භික්ෂූන් වහන්සේලා 50 නමකට “භාවනා පුහුණු වැඩසටහනක්” ( ජනවාරි 22 සිට 26 වන දින තෙක්) කොළඹ 07 – ජාත්‍යන්තර විපස්සන භාවනා මධ්‍යස්ථානයේදි , භාවනා මධ්‍යස්ථානාධිපති ප්‍රධාන කම්මට්ඨානාචාර්‍ය විද්‍යාවේදී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මාර්ගෝපදේශයන් යටතේ පූජ්‍ය උඩුදුම්බර සෝභිත හිමියන් සමගින් පවත්වමින් තිබේ. මෙම සංකල්පය අපවත්වී වදාල ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය ආචාර්‍ය හාරිස්පත්තුවේ අරියවන්ශාලංකාර නායක හිමිපාණන්ගේ සිහිනයක් සැබෑවිමකි. සැමට තෙරුවන් සරණයි !!


 

මස් පිණිස මරා දැමීමට සිටි මෙම ගවයන් 07 දෙනා නිදහස් කරගැනීමට කටයුතු කල , කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායක සංගමයේ ගරු සභාපති විදුර රණසිංහ මහතා ඇතුළු මේ මහා අභයදාන පිංකමට සහභාගී වූ සහ මුදලින් දායකත්වය දැක්වූ සියළු පිංවතුන්ට මේ උතුම් පුණ්‍ය කර්මය, උතුම් වූ නිර්වානාවබෝධය පිණිසම හේතුවාසනා වේවා. සැවොම මේ අභයදාන පුණ්‍යකර්මයේ පිං අනුමෝදන් වෙත්වා. තෙරුවන් සරණයි !!